ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි නිවසේදී පසුගියදා ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එදිනම හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිට්ටඹුවේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ සන්ධානයක් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මැදිහත්වීමක් ලබා ගැනීමට උත්සහ කරන බව ශ්‍රිලනිපයේ සහ එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.