Sat. Jun 28th, 2025

ඥානසාර හිමිට අලුත් අධිකරණ තීන්දුවක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවනු ලැබුවා.

කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (11) මෙම  නියෝගය නිකුත් කළා.

ඥානසාර හිමියන්  වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා මෝස­මක් ගොනු කර­මින් උන්ව­හ­න්සේට එරෙහිව නිකුත් කර ඇති වරෙ­න්තුව ආපසු කැඳ­වන ලෙස සිදු­කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

මෝසම ගොනු කරන අව­ස්ථාවේ ඥාන­සාර හිමි­යන් විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි අතර කොම්පඤ්ඤවීදිය පොලි­සිය මීට අදාළ පැමි­ණිල්ල ගොනු කර තිබෙනවා.

2014 වසරේ දී ජාතික බොදු­බල සේනා සංවි­ධා­නය කොළඹ කොම්ප­ඤ්ඤ­වී­දිය නිපොන් හෝට­ලයේදී පැවැත්වූ මාධ්‍ය සාක­ච්ඡා­වක දී කුරා­න­යට, ඉස්ලාම් ධර්ම­යට අප­හාස වන අයු­රින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බ­න්ධ­යෙන් ගොනු කර ඇති නඩු­වකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥාණසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබුණා.

මෙම සිද්ධි­යට අදාළ නඩු විභා­ගය ලබන 2025 වසරේ මාර්තු මස 5 වැනි දා දක්වා කල් තැබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *