ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර පත් කර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් විසින් අද (25) මෙම පත්විමේ ලිපිය ලබාදීම සිදු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සහ හිටපු අංශාධිපතිවරයෙකු වන ගයාෂාන් මහතා ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වනවා.