ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වනවා.
පනතේ ඇතුළත් විධිවිධාන පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ පත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
එම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්. රවී ප්‍රසාද් මෙල්, ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‌ය ආචාර්ය නාමලි තරංගා සිරිසෝම, ඒ. අයි. යු. පෙරේරා යන අය පත් කර තිබෙනවා.