Sun. Jun 29th, 2025

ගොවීන්ට ලැබෙන අලුත් වාසිය

Aug27,2024

2024 මහ කන්නයේ සිට පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (27) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙම පොහොර සහනාධාර මුදල යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවයි අමරවීර මහතා සඳහන් කළේ.

නමුත් මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ තිබුණා.

ඒ අනුව දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සළකා බලමින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙනවා.

මීට අමතරව ලබන මහ කන්නයේ දී MOP වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට ද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ හිමි වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *