Thu. May 1st, 2025

ඡන්ද කටේ දුන් තානාපති පත්වීම්

බහරේනය, මැලේසියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඉරානය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි නිකුත් කර තිබෙනවා.

ඒ 2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිවේදනය කර ඇති පසුබිමකයි.

මෙම නව තනතුරු අතරට එක් දේශපාලන පත්වීමක් සහ නව රාජ්‍ය තාන්ත්‍රික පත්කිරීම් 5ක් ඇතුළත්.

එමෙන්ම පසුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් සඳහා ද නව පත්වීම් ලබා දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා නිව්යෝර්ක්හි උපදේශකවරයෙකු ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්ගේ පෞද්ගලික සහකාරවරයා ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාගේ පෞද්ගලික සහකාර ලෙසත් ප.ත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් මේ වනවිටත් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *