Sat. Jun 28th, 2025

ආණ්ඩුකාරවරුන්ට හා පළාත් ලේකම්වරුන්ට උඩින් තව ලොක්කෙක් දාලා

පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමඟ කටයුතු කිරීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කර තිබෙනවා.

ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් අතර ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පත්කර සිටින්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එච්.එම්.කේ.ජේ.බී. ගුණරත්නයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක විසින් ප්‍රධාන ලේකම්වරුන්ට යවන ලද ලිපියක් මගින් දන්වා ඇත්තේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා පළාත් සභා යොදා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව සහ එම අරමුණ පෙරදැරි කරගෙන සම්බන්ධීකරණ නිලධාරියකු පත්කිරීමට තීරණය කර ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *