Sat. Jun 28th, 2025

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය ඇරඹෙයි

Jul2,2024

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය ඊයේ දිනයෙන් (1) ආරම්භ කෙරුණා.

ඊට අදාළ බාලදක්ෂ පළමු සේවා කාඩ්පත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අද සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000කට අධික බාලදක්ෂයින් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවල නිරතවීමට අපේක්ෂා කරනවා.

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹින් අරලියගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත බාලදක්ෂයින් වෙත පළමු සේවා කාඩ්පත් ලබාදුන්නා.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *