ජාතික පොසොන් සතිය අද (17) සිට ආරම්භ වනවා.
අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන මෙවරත් පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.
පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු සියලු යටිතල පහසුකම් සපුරාලීමට පොසොන් කමිටුව පියවර ගෙන තිබෙනවා.
හතළිස් පස් වැනි වරට මෙවර පැවැත්වෙන සති පිරිත් පින්කම සඳහා අද සිට විසි පස්වැනිදා (25) දක්වා දින නවයක කාලයක් වෙන් කර තිබෙනවා
අද පස්වරුවේ ඉසුරුමුණිය රජමහා විහාරයේ සිට මහා විහාරය දක්වා පැන් පෙරහරෙන් මෙම පුණ්‍ය කටයුත්ත ආරම්භ වනවා
ඊට පසු දිනයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදබිමේ ඉදිකරන ලද විශේෂ පිරිත් මණ්ඩපයේදී සති පිරිත් දේශනය ආරම්භ කරනු ලබනවා.
විසි තුන්වැනිදා සවස් භාගයේදී තල්පත පේ කිරීම සිදු කරයි. මෙය සතිපිරිත් පින්කමේ විශේෂ අවස්ථාවක් වශයෙන් දැක්විය හැකියි.
විසි හතර (24) වැනිදා නගරය වටා පිරිත් පැන් ඉසීම සිදු කරන අතර සවස දේවදූත පෙරහර හා දොරකඩ අස්න දේශනය සිදු කරනු ලබනවා
අවසන් දිනය වන විසි පස් (25)දා දහවල් දානමය පින්කමෙන් සතිපිරිත් පින්කමේ කටයුතු අවසන් .
පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසල් හා මස්කඩ වසා තැබෙනවා.
ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක් විසි වැනිදා(20) සිට නිවාඩු ලබා දී ඇති බවද සඳහන්.
පොසොන් සතිය තුළ විශේෂ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා මෙම පාසල් ලබා දීමට උතුරුමැද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එළඹෙන විසි වැනිදා සිට විසි තුන් වන දින දක්වා මෙම පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා.