Sat. Jun 28th, 2025

ජාතික ජනබලවේගය IMF රූකඩයක්: සජිත් කියයි!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුව විවේචනය කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රජය ජනතාව නොමග යවන බවට චෝදනා කරනවා. විදුලි බිල 66% කින් අඩු කරන බවට, භාණ්ඩ මිල අඩු කරන බවට සහ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ ප්‍රමාදයන් විසඳන බවට වූ පොරොන්දු තවමත් ඉටු නොවූ බවයි ඔහු සඳහන් කරන්නේ.

සජබ නායකයා ජනාධිපතිවරයාට අභියෝග කළේ විදුලි බිල, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ බදු අඩු කරන බවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසයි. කොළඹ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමග නොයන ලෙස රජයෙන් ඉල්ලා සිටියා.

ඔහු වැඩිදුරටත සඳහන් කළේ මූල්‍ය පීඩනයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට පොරොන්දු වූ සහන ලැබී නොමැති බවයි. මෙම ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය නොවන බවද ඔහු කියා සිටියා.

IMF සමාලෝචනයක් පවා කල් දමා IMF සමඟ එකඟතාවයක් නොමැතිකම හේතුවෙන් පොරොන්දු වූ බදු අඩු කිරීම් කිසිවක් ක්‍රියාත්මක නොකළ බව කී සජිත්, ජාජබ එම කොන්දේසිවලට විරුද්ධ වන බව කලින් කියා සිටි අය දැන් එමනියෝගවලට “රූකඩ” ලෙස ක්‍රියා කරන බවට චෝදනා නැගුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *