Tue. Apr 29th, 2025

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වී බොරු කියන මන්ත්‍රීවරුන්ට එරෙහිව නාමල් පෙරට

Mar3,2025 #namalrajapaksha

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

නාමල් මන්ත්‍රීවරයා පවසන්නේ ආණ්ඩුව සිදු කරන අසත්‍ය ප්‍රකාශවලට අකමැති සියලුදෙනා ඒ වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇති බවයි.

“පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවා ට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා. “

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *