පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ, ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් 2013 වසරේ දී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, මේ දිනවල නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාව කැඳවන බවත් එය කිසිදු ගැටලුවක් නොමැති බවත්ය.
” නිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්න මහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ මහන්සි වෙලා ආරක්ෂාව තහවුරු කළොත් හොඳයි” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.