රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරනවා.
උගන්ඩාව සහ සීෂෙල්ස් ඇතුළු විවිධ රටවල මහජන මුදල් සොරකම් කර ගොඩගසා ඇති බවට ජනාධිපති දිසානායක විසින් මීට පෙර කළ ප්‍රකාශවල වීඩියෝ දර්ශන නාමල් රාජපක්ෂ සිය X ගිණුමේ පළකරමින් මෙම අභියෝගය කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ පවසන්නේ ජනාධිපතිවරයාට තම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.
“ජනාධිපති @anuradisanayake සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරන්නේ අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබාගෙන ඇති බවයි. ජනාධිපති AKDට තම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබේ.” යනුවෙන් ඔහු සිය X ගිණුමේ පළ කර තිබුණා.
