ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ එම කමිටුවේ සභාපති චතුරංග අබේසිංහගේ ප්‍රධානත්වයේ ඊයේ (30) පැවැත්වුණා.
ඔහු සහභාගි වූ පළමු සම්බන්ධීකරණ රැස්වීම වූ මෙහිදී කෝට්ටේ ප්‍රදේශයේ පවතින ගැටලු රැසකට ක්ෂණික විසඳුම් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය නිලධාරීන් අමතා කතා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා,
” ප්‍රශ්න දිගටම ඇදන් යන්න බෑ. මාස 03ක් ඇතුළත වැඩ පිළිවෙල හදාගමු, ඊළඟට තියෙන්නේ අවුරුද්දක් ඇතුළත විසඳන්න, සමහර විසඳුම්වලට අවුරුදු තුන හතරක් යයි, නමුත් අද කතා කරපු බොහෝ දේවල්වලට මාස 06ක් ඇතුළත විසඳගන්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් මොන රේඛීය අමාත්‍යාංශයගේ මොන විදියට වැඩ කරත් එකට වැඩ කරන්න, මට මේක අදාළ නෑ මට මේක විසදන්න බෑ කියලා ඉන්න එපා. ඇස්පනාපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවනම් ඒක ඔබේ විෂය පථයට අදාළ නැත්නම් කෙළින්ම මට කියන්න. ඒ ප්‍රශ්න විසඳන්න තමයි මම, ලේකම්තුමා ඇතුළු කණ්ඩායමක් ඉන්නේ ” යනුවෙන් කියා සිටියා.