Sat. Jun 28th, 2025

සංගීතයයි සංවාදයයි – මහරගම පොළේ අතිසාර්ථකයි!

Jan23,2025 #art #news

Hormony Center සංවිධානය කළ සංගීතයයි සංවාදයයි සංස්කෘතික වැඩසටහනේ තෙවැනි පියවර පසුගිය 19 වැනි දා මහරගම පොළ පරිශ්‍රයේදී පැවැත්වුණා. කථන රංගයකින් මෙම වැඩසටහන කුළු ගැන්වීමට ප්‍රියන්ත සිරිකුමාර කටයුතු කළ අතර ගායනයෙන් රොඩ්නි වර්ණකුල සහ සංජීව සෙනෙවිරත්නද No names collective සංගීත  ගොමුවද පැමිණි සිටි විශාල පිරිස රසවත් කරනු ලැබුවා.

සපුරා නොමිලේ පැවැති මෙම ප්‍රාසාංගික අත්දැකීම විඳ ගැනීමට ජනප්‍රිය කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පොදු ජන රසකාමී විශාල පිරිසක් සහභාගී වුණා.

සමාජ, ආර්ථික, දේශපාලන කරුණු සංගීතය රංගනයද මැදිකරගෙන ගලා ගිය මෙම වැඩසටහන අවසන අදහස් දැක්වූ පිරිස් ස්තූතිපූර්වකව සහ ප්‍රමෝදයෙන් අදහස් දැක්වීම විශේෂත්වයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *