Sat. Jun 28th, 2025

උසාවියේ ඝාතනය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි: ඇමැති

Feb20,2025 #news #police #slpolitics

කිසිම ලෙසකින් රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී නැති බවත් ඊයේ (19) සිදුවූ ඝාතනය හුදෙක් පාතාල කල්ලි සාමාජිකයන්ගේ ක්‍රියාවක් පමණක් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග නමැති අයෙක් බව කී ඇමැතිවරයා ඔහු ගමන් කළ වෑන් රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“අධිකරණයේ වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා.පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.

මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *