Sat. Jun 28th, 2025

ආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

Jul1,2024

අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර් සම්බන්ධන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේද සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත් වී තිබෙනවා.

අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා සියලු උපදෙස්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අදාළ නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තුව හෙට (02) රැස් වී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන අතර, පාර්ලිමේන්තුව අනිද්දා (03) රැස් නොවන බවද මෙහිදී තීරණය කර ඇති බව සඳහන්

මීට පෙර දැනුම් දී තිබුණේ හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *