මිස්ට කොත්තු ව්‍යාපාරයේ හිමිකරු හිටපු කෝට්ටේ නගර සභාවේ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී විරාජ් වික්‍රමනායකගෙන් විමුක්ති රණසිංහ නම් තරුණයෙකු කප්පම් ඉල්ලූ බවට වූ නඩුවක් විභාග කළ අධිකරණය විසින් අදාළ තරුණයා නිදහස් කර තිබෙනවා. මහරගම පොලිසිය විසින් පැවරූ නඩුව සඳහා වසරක් තිස්සේ පරීක්ෂණ කළත් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.
විමුක්ති රණසිංහගේ පාර්ශ්වය චෝදනා කරන්නේ මිස්ට කොත්තුගේ බලපෑම හේතුවෙන් පොලිසිය විසින් මෙම නඩුව ගොනු කළ බවයි.
එසේම කලු සල්ලි සුදු කරන බවට මිස්ට කොත්තුට එරෙහිව නැගූ චෝදනාව වසා දැමීම සඳහා තමාට එරෙහිව බොරු පැමිණිල්ලක් ගොනු කළ බවයි විමුක්ති ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් තමන්ට සිදු වූ අසාධාරණය, චරිත ඝාතනය, බොරු ප්‍රචාරණය නිසා මිස්ට කොත්තුට එරෙහිව සිවිල් නඩුකරයක් ගොනු කිරීමට ඔහු තීරණය කර ඇති බව සඳහන්.
වීඩියෝව පහතින්,