Fri. Jun 27th, 2025

මන්ත්‍රී නිවාස කුලිය මාසෙට රු. 2000යි: වැඩි කරන්නැයි ඉල්ලීමක්!

Jan30,2025 #news #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අය කෙරෙන්නේ රුපියල් 2000ක් පමණක් බවත් ඒවා නැවත තක්සේරු කර නියමිත කුලිය අය කළ යුතු බවත් පොදුජන අයිතීන් සුරැකීමේ එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මාධ්‍ය හමුවකදී අද (30) කියා සිටියා.

නිල නිවාස තක්සේරු කිරීමේ ක්‍රමවේදයකට යන්නේ නම් මෙම නිවාසද තක්සේරු කර කුලිය ලබා ගත යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතා නියෝජිත වරප්‍රසාද අහෝසි කරන බව කීවද මේ වන විට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාසිකව රුපියල් ලක්ෂ 6කට වැඩි වරප්‍රසාද භුක්ති විඳින බව ද ඔහු වැඩිදුරටත් එහිදී පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *