පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් ලබා දීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ්‍ය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැති දින තුනේ වැඩමුළුවේදී මේ බව දැනුම් දී තිබෙනවා.
මේ සඳහා අවම වශයෙන් එක් මන්ත්‍රීවරයෙකු සඳහා ලක්ෂ 5ක් වෙන් කෙරෙන අතර මේ සඳහා කෝටි 10ක පමණ මුදලක් වැය කෙරෙනු ඇති. ඉදිරි අයවැයේදී මේ සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන බව දැනගන්නට ඇත.