එළඹෙන ජනාධිපතිවරණය දක්වා කාල සීමාව තුළ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිඳු කරුණකට විදේශ ගතවීමෙන් වළකින ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත පක්ෂ නායකත්වයන් විසින් දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමිනුයි, මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ.