Sat. Jun 28th, 2025

මන්ත්‍රී අර්චුනාට යාපනේ රෝහලට යන්න හැකි ලෙඩ වුණොත් පමණයි!

Dec17,2024 #news #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට ඉදිරියේදී රෝගියෙකු ලෙස හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු වීමට අවසර නැති බවට එම රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මන්ත්‍රීවරයාට එරෙහිව පවරා ඇති නඩුවකට ඊයේ (16) ඔහු පෙනී සිටි අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කෙරුණා.

අධිකරණය නියෝග කර ඇත්තේ අර්චුනා මන්ත්‍රීවරයාට අවසරයකින් තොරව රෝහලට ඇතුළු විය නොහැකි බවයි. ඇතුළුවන්නේ නම් රෝහල් පාලනාධිකාරියෙන් අවසර ගත යුතු බවද එකී නියෝගයේ දක්වා තිබෙනවා.

යම් හෙයකින් මේ නියෝග නොතකා ඔහු ඇතුළු වන්නේ නම් හිරිහැර නොකොට පොලිසිය වෙත භාර දීමට ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *