කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) සිසුවෙකු වන Jivon Zoro Singh (15) සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියයාම පසුගිය මාස කිහිපය පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. කෙසේ වෙතත්, ජිවෝන්ගේ මව තම පුත්‍රයාට යුක්තිය ඉටු කිරීමට සටන් කරනවා. මෙම ඛේදවාචකයට හේතු වූයේ පාසල් පාර්ශ්වයේ දැඩි නොසැලකිල්ල සහ රාජකාරි අඩුපාඩු බවට ඇය චෝදනා කරනවා.
සිද්ධිය වූ දිනයේ සිදු වූ සිදුවීම් පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා ඇය පාසලට සහ එහි උසස් නිලධාරීන්ට ලිපි කිහිපයක් ලියා තිබුණද, පාසල විසින් මීට පෙර නිකුත් කළ ලිපියකින් ආයතනයට එල්ල වූ සියලුම වගකීම් සහ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. කෙසේ වෙතත් යුක්තිය උදෙසා ජිවොන්ගේ මව විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සඳහන්.
සිසුවාගේ මව විසින් රුපියල් ලක්ෂ 5000ක වන්දි ඉල්ලා පාසල වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.‘පාසලේ නොසැලකිලිමත් ක්‍රියා සහ රාජකාරියේ අඩුව ජිවෝන්ගේ අකල් මරණයට සෘජුවම බලපා ඇති බව’ එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. ඇල්ටෙයාර් ගොඩනැගිලි සංකීර්ණයේදී සිදුවූ සිදුවීමට පෙර එනම් පස්වරු 2.20 ට පමණ දරුවන් පාසලෙන් පිටව ගොස් ඇති අතර, පාසැලෙන් තමාට ඒ බව දැනුම් දුන්නේ සවස 4.32 ට පමණ බව සිසුවාගේ මව පවසනවා.
“නමුත් පාසල සවස 3.00 සිට රෝස්ගේ (මියගිය අනෙක් දැරිය) දෙමාපියන් සමඟ සම්බන්ධ වී සිටියා,” මව ඩේලි මිරර් පුවත්පත අමතමින් චෝදනා කරනවා. “ඔවුන් කලින් දැනුම් දුන්නා නම් මට මගේ පුතාව බේරගන්න තිබුණා. මට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තිබුණේ කෙටි අවස්ථාවක් විතරයි, පවතින සාක්ෂි අනුව මගේ පුතා සවස 4.45 ට පමණ වැටී මිය ගිය බව මම විශ්වාස කරනවා. සවස 3.00 සිට 4.00 දක්වා පාසල සහ රෝස්ගේ දෙමාපියන් මගේ පුතා සමඟ සම්බන්ධ වී සිටි අතර, ඔවුන්ට යම් අනතුරක් දැනුණු නිසා ඔවුන් ඒ වන විට පොලිසිය පවා සම්බන්ධ කර තිබුණා, ”ඇය වැඩිදුරටත් චෝදනා කළා.