තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිිලී මව සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
තිස්සමහාරාම පොලීසිය පැවසුවේ මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන බවය්.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි මව සහ 14 හැවිරිදි සහ 8 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනය්.
ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වෙනවා.