ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ මව සහ සොහොයුරා අද (25) අත්අඩංගුවට ගනු ලැබුවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ අදාළ සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත්භාවයක් තිබී ඇති බවයි.
ඝාතනය සිදුකිරීමට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් උසාවිය ළඟදී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබෙනවා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවසා ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ද “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් ද එවා තිබූ බවයි.
එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත් ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේ දී රෙදි මිලදී ගෙන ඇත්තේ ද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු හා සැකකාරිය රඳවා තබා විමර්ශනය කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.