යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පුත්‍රයා මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසනවා.
මියගිය දරුවා, කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටිය දී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්‍රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවට ද විදුලිසැර වැදී ඇති බවත් පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
විදුලිසැර වැදීමෙන් මව හා පුත්‍රයා එම ස්ථානයේම මියගොස් තිබුණි. මියගොස් තිබුනේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්‍රයායි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.