Wed. Apr 30th, 2025

නුවර අය පරෙස්සමින් ; ඩෙංගුවලටත් වඩා ලොකු තර්ජනයක්

Aug27,2024 #consumption #dengue #kandy

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනා ගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ පවසනවා.

ඒ අනුව මහනුවර නාගරික සීමාවේ ප්‍රධාන බෝ වන රෝග තර්ජනය වී ඇත්තේ ඩෙංගු රෝගය නොව, ක්ෂය රෝගය බව ඔහු පෙන්වා දෙනවා.

ඩෙංගු රෝගීන් දින 06ක් ඇතුළත හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකි වුව ද ක්ෂය රෝගීන් මාස 06ක කාලයක් තුළදී ද හඳුනාගත නොහැකි බවයි වෛද්‍ය නිලධාරීතුමා ප්‍රකාශ කළේ.

නිතර පවතින කැස්ස, සෙම, සිරුරේ අප්‍රාණික භාවය, කෑම අරුචිය ආදී රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් ඒ සඳහා කෙටි කාලීන ප්‍රතිකාර සඳහා යොමු වන බවත් ඒ නිසා ඍජුව ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම මඟහැරීමෙන් රෝගය තව දුරටත් ව්‍යාප්තවීමට ඉඩ ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *