මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ලක්ෂ දෙකකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් මෙවර මඩු මංගල්‍යයට සමගාමිව විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධාන කර තිබුණා.
මරද මඩු මාතා ප්‍රතිමාවට රන් ඔටුන්නක් පළදවා සියවස් සැමරුම සනිටුහන් කළා.
විශේෂ දේව මෙහෙයක් ද ඒ වෙනුවෙන් පැවැත්වුණේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන්.
වාර්ෂික මඩු මංගල්‍යය ද මීට සමගාමිව පැවැත්වුණා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.