Sat. Jun 28th, 2025

ප්‍රකාශනයේ නැති දේවලුත් මෝදි කිව්වා: විදේශ ඇමැති

Dec20,2024 #news #slpolitics

ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී දෙරට නායකයන් පැවත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉන්දීය අගමැතිවරයා කළ සමහර ප්‍රකාශ ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන්ව නැති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ශ්‍රී ලංකාවේ රජය දෙමළ ජනතා අපගේ බලාපොරොත්තු ඉටු කරනු ඇති බවටත් ඒ අනුව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කැපවීම ඉටුකරනු ඇති බවටත් විශ්වාස කරන බවට නරේන්ද්‍ර මෝදි අගමැතිවයරයා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඔහු ඒ බව කියා සිටියා.

අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට ඔහු සහභාගි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *