අභිනව ජනාධිපති අනුර කුමාරගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කරමින් X පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ වන සහයෝගීතාවය තවත් ශක්තිමත් කර ගැනීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කරන බව මෝදි එයින් ප්‍රකාශ කරනවා.
පිළිතුරු පණිවුඩයක් නිකුත් කරන අනුර සඳහන් කර තිබුණේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාරුණික වචන හා සහයෝගය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි.
එසේම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ රාත්‍රියේම අනුර කුමාර හමු වී සුබ පැතුම් එක් කළා.