Mon. Jun 23rd, 2025

බූස්ස බන්ධනාගාරයෙන් ආයෙත් ජංගම දුරකථන මතුවෙයි

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව සහ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා යන පාතාල සාමාජිකයන් රඳවා සිටින බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ සිරමැදිරි අසල නැවත වරක් සඟවා තිබූ ස්මාර්ට් ජංගම දුරකතනයක් සහ තවත් ජංගම උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ බන්ධනාගාරයේ විශේෂ අංශයේ අංක 44, 38 සහ 37 යන මැදිරිවල හදිසි සෝදිසි කිරීමක් සිදු කළා.

එහිදී ජංගම දුරකථනයක්, හැන්ඩ් ෆ්‍රී එකක් සහ චාජරයක් ඔවුන් සොයා ගත්තා.

සොයාගත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ සඳහා බන්ධනාගාර බලධාරීන් වෙත භාරදී තිබෙනවා.

මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම බන්ධනාගාරයෙන් ජංගම දුරකථන සොයා ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *