බූස්ස බන්ධනාගාරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුරකතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාර උපක්‍රමික බළකාය,බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් හැත්තෑවක පමණ පිරිසක් සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුරකතන සොයා ගත් බවයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසන්නේ
මෙම දුරකතන සොයාගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් බවයි අනාවරණයවී ඇත්තේ.