පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ 2022 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම හේතුවෙන් ඒ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවයි.
දැනට ඉදිරිපත් වී ඇති නාම යෝජනා මත පදනම්ව මැතිවරණය පැවැත්වුවහොත් නව ලක්ෂයකට අධික ඡන්දදායකයින් පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවත් අවුරුදු 18 සම්පූර්ණ වූ තවත් පිරිසකට මැතිවරණ අපෙක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෙසේ වුවත් අධිකරණ නියෝගය අනුව යමින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා.