වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේ වලව කලාපයේ කොට්ඨාස 7ක ගොවි සංගම්වල නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවක් චන්ද්‍රිකා වැව ආසන්නයේදී පැවැත්වුණා.
එහිදී ඔවුන් කියා සිටියේ තව සති දෙකකින් පමණ වලව කලාපයේ අස්වැන්න නෙළීමට සූදානම් වුවත් ඒවා මිලට ගැනීමට රජයේ කිසිදු වැඩපිළිවලෙක් නැති බවයි.
හොඳම කොටස ව්‍යාපාරිකයන් පැමිණ කුණු කොල්ලයට මිලට ගත් පසු රජය වී මිලට ගැනීමේ සූදානමක ඇති බවයි ගොවීන් කියා සිටියේ.
“දැන් නාමල් කරුණාරත්න නාමල් බබා වෙලා. ඒ අය ඩඩ්ලිලාගේ ගැත්තෝ වෙලා. වැරදි දත්ත දෙන තොරතරු දෙන නිලධාරීන් එක්ක මේ අය වැඩ කරන්නේ. අපි ඉල්ලන්නේ අපිට රුපියල් 140ක සහතික මලක් ලබාදෙන්න. මේක අඩු කරන්න පුලුවන් කෘෂි උපකරන වල මිල අඩු කරනවානම් වී මිල මීට වඩා අඩු කල හැකියි.