Wed. Jun 25th, 2025

ඇමැති නලින්දගේ ප්‍රකාශය ආන්දෝලනයක් ඇති කරයි!

Jan3,2025 #news #slpolitics

කතරගම දේවාලයේ පුද පඬුරු ආධාර යොදවා මහරගම අපේක්ෂා රෝහලට ඇටමිදුළු බද්ධ සැත්කම් ඒකකයක් ලබා දුන් අතර එයට මූලික වූයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකරයි. සිව් මහල් ගොඩනැගිල්ලක් දේවාලයේ අනුග්‍රහයෙන් ලබා දුන් අතර එහි ඉදිකිරීම් කටයුතු නාවික හමුදාව විසින් සිදු කළ බව වාර්තා වුණා.

ඊයේ (2) දිනයේ මෙරට එවැනි පළමු ඒකකය ලෙස සැලකෙන ඇටමිදුළු බද්ධ ඒකකය විවෘත කෙරුණු අතර එයට සහභාගි වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශයක් සමාජයේ ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන්කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. ඉදිරියේදී දේශපාලන වුවමනාව මත හෝ හිතේ ඇතිවන සංවේදී සිතිවිලිවලට රෝහල්වලට උදව් කරන්න බෑ යනුවෙන් ඇමැතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

නිදහස් සෞඛ්‍ය පද්ධතිය 100%ක් අඩුපාඩු සම්පූර්ණ වී නොමැති පසුබිමක විවිධ අංශවලින් රෝහල් පද්ධතියට කරන ආධාර උපකාර දෙවැනි පංතියේලා සලකා ඇමැතිවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය අවමන්සහගත බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *