පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදු කරන රිලවුන් සහ අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙරට වගාවන් සම්බන්ධ දැවැන්ත හානියක් මෙම සතුන්ගෙන් සිදුවන බව කාලයක් තිස්සේ සාකච්ඡා වන්නක්. රිලවුන් නිසා 2023 වසරේ පමණක් පොල් ගෙඩි ලක්ෂ 2000ක් විනාශ වී තිබුණා. පසුගිය කාලයේ පොල් ගෙඩියක මිල රුපියල් 200 ආසන්නයට නැගුණා.
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩමහ් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති මෙහිදී බහුවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ව ගහණ පාලනයට විශේෂ ඒකකය් පිහිටුවා තිබෙනවා.
සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආයතන 15ක් පමණ සහභාගී වී තිබුණා.