ඉකුත් 18වනදා මිද්දෙණිය ප්‍රදේශයේ දී අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.
අදාළ සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී – 56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලීසිය පවසනවා.
ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.