ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබෙනවා.
අද පැවැති රැස්වීමකදී එම යෝජනාව සම්මත කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් උපදේශන සේවා ව්‍යාපෘතියක් සඳහා ජපාන ජයිකා ආයතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබාදුන් රුපියල් කෝටි දෙකක ව්‍යාපෘතියේදී සංගම් සභාපතිවරයා විසින්වි ශ්වාසය කඩ කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.