Thu. May 1st, 2025

මන්ත්‍රීලා දැනටමත් තුවක්කු ඉල්ලලා

රිපීටර් තුවක්කු දෙකක් ලබා ගැනීමට හැකි බවට සියලුම මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බවත් දැනටමත් මන්ත්‍රීවරු 07 දෙනෙකු ඒ සඳහා ඉල්ලුම් කර ඇති බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම තනතුරුවලින් ඉවත් වූ පසුවත් භාවිත කළ හැකි වන පරිදි රිපීටර් ෂොට්ගන් දෙකක් නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගයට අනුව මෙම ක්‍රියාවලිය සිදු වනු ඇති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිසියේ වගකීමක් බව හිටපු නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දී තිබුණා. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම ගිනි අවිවල භාවිතය පිළිබඳ ගැටලුවලට අමතරව එම ආයුධ වැරදි පුද්ගලයන් අතට පත් වීමේ අවධානමක් ද පවතින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *