Sat. Jun 28th, 2025

වෛද්‍ය වාර්තා ලංගමට අනිවාර්ය වෙයි

Aug25,2024 #accident #ctb #transport

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයස අවුරුදු 40ට වැඩි සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබාගෙන ඉදිරිපත් කළ යුතු වෙනවා.

බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් ලංගම රියදුරෙකු පසුගිය දා මියගිය අතර එම සිදුවීම පදනම් කර ගනිමින් මෙම තීරණය ගත් බව වාර්තා වෙනවා.

මේ වන තුරු ලංගම සේවකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්දී නොමැති අතර ඉදිරි සතියේදී සේවකයන් දැනුම්වත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *