Sun. Jun 29th, 2025

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ

Aug6,2024

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද මාධ්‍ය උපමාන ඊට ඇතුලත්.

ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබාදීමට නියෝජිත කමිටුවක් ද පත්කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින්ට මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සදහා ද වෙන් වෙන් වශයෙන් මාධ්‍ය උපමාන නිකුත් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *