Fri. Jun 27th, 2025

ගවයින්ට සරම්ප රෝගයක්…. මස් වෙළදසැලට

May22,2024

දේශීය කිරි කර්මාන්තයේ දියර කිරි නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයන නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවියන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය (සමේ ගැටිති රෝගය) පැතිර යෑම හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් මහතා පැවසීය.

දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතින් 33%ක පමණ දියර කිරි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බවත්, ඉන් 12%ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත්, පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් සතුන් මියයෑම නිසා සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් ගොවීන් විසින් ගව මස් අලෙවිසල්වලට අලෙවි කරන බවත්, එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දෛනික කිරි නිෂ්පාදනය පහළ බැස ඇති බවත් පශු වෛද්‍යවරයා කියා සිටියේය.

තව ද එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලබාදිය යුතුව ඇතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශ සංචිතය තුළ නොමැති නිසා පැතිර යන රෝගය පාලනය කිරීමට නොහැකි වී ඇති බව පශු වෛද්‍ය සුරේෂ් කුමාර් මහතා කියා සිටියේය.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රිෂියන්, ජර්සි, ප්‍රිෂියන් ජර්සි දෙමුහුම් එළදෙනුන් ගොවීන් විසින් බහුල වශයෙන් ඇති කරනු ලබයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *