දෙමළ ජාතික ප්‍රකට දේශපාලනඥයෙක් වන මාවෛ සේනාධිරාජා ඊයේ (29) රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වැනි වියේ පසුවුණු අතර හදිසි අසනීප තත්වයක් නිසා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගිය බවයි සඳහන් වන්නේ.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සහ විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකවරයා වශයෙන් සේනාධිරාජා කටයුතු කරනු ලැබුවා.
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.