කටාර්හි සිටින ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් 140කට ආසන්න පිරිසක් දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ (SSLSD) පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් කටාර්හි සිටින ශ්‍රී ලාංකික මාපියන් මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තිබුණා.
තම දරුවන් සඳහා විකල්ප පාසල් සොයාගැනීමට මුදල් ගැටළු බලපෑ ඇති බවයි ඔවුහු පෙන්වා දෙන්නේ.
Stafford Sri Lankan School Doha (SSLSD) යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද කටාර්හි එකම පාසල වන අතර එය මෙරට සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරනවා.
ගැටලුවට මුහුණදී ඇති දරුවන්ගේ මාපියෝ කලකිරීමට පත්ව සිටින අතර තම දරුවන් දැනටමත් SSLSD හි පෙර පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති බවත් 1 ශ්‍රේණිය සඳහා ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් පවසනවා.
කටාර්හි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (MOEHE) විසින් නියම කර ඇති සීමාවන් ඉක්මවා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම නිසයි මෙලෙස ඇතුළත් වීමේ ගැටළු මතු වී ඇත්තේ.
කටාර්හි MOEHE එතැන් සිට SSLSD පාසල සඳහා නියෝග ලබා දී ඇත්තේ අතිරික්තයක් ලෙස ලියාපදිංචි නොකළ සිසුන් ඉවත් කර, නව ඇතුළත් කිරීම් නතර කරන ලෙසයි.
පාසලේ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට අපොහොසත් වීම වත්මන් තත්ත්වයට හේතු වූ බවට මාපියෝ චෝදනා කරනවා.