මෙපමණ කල් මන්දිර තුළ රහසේ පැවති රනිල් – අනුර මිතුදම දැන් කල එළි බැස ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.
පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.
ඔහු එහිදී වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.
“රනිලුයි අනුරයි දෙන්නාම අද කියන්නේ එකම කතාවක්. රනිල්ගේ අදහස් අනුර කියනවා, රනිල් හදන මඩ අනුර ගමක් ගමක් ගානේ බෙදනවා. රනිල්ගේ වැඩපිළිවෙල අනුර ඉදිරියට අරගෙන යන බව මේ වෙද්දි හොඳට ම පැහැදිලියි. මහියංගනයේදී ජනාධිපති කරපු ප්‍රකාශයෙන් එයා ස්ථිර වශයෙන්ම පරාද වෙන බව ගම්‍ය වනවා. ඒ වගේම සජිත් පැරදවීම සඳහා කරන්න පුළුවන් ඕනෑම දෙයක් කරන්න ජනාධිපති සූදානම් බවත් ඔප්පු වෙමින් පවතිනවා.
මම අභියෝග කරනවා. අනුර, විජිත, ගලප්පත්ති, නලින්ද යන හැමෝ ම කාර් පර්මිට් එක හෙවත් වාහන බලපත්‍රය ලබා ගත්තාද, නැද්ද කියල ප්‍රකාශ කරන්න කියලා. ජවිපෙ හිටපු මන්ත්‍රී, ජාජබ නීතිඥ සුනිල් වටගල දෙදහස් දහසයේ දී ලබා ගත්ත වාහන බලපත්‍රය පිළිබඳ හඬපටය මගේ ගාව තියෙනවා. දෙදහස් දහසයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දුන්න වාහන බලපත්‍ර ජවිපෙ සාමාජිකයන් ගත්තා ද? නැද්ද? කියලත් මම එයාලගෙන් අහනවා. හැබැයි මම බාර් පර්මිට්, ඉඩම්, හෝ ආණ්ඩුවෙන් දෙන වාහන කිසිවක් ලබා ගෙන නැ. කොටින් ම කියනවා නම් රනිල් වික්‍රමසිංහ වෙතින් කිසිදු ආකාරයක වරප්‍රසාදයක් ලබා ගෙන නෑ.”