හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරනු ලැබ තිබෙනවා.
ගම්පහ පදිංචි අයෙකුගෙන් විදෙස් රැකියාවක් ලබා දෙන බව පවසා දෙවතාවකට රුපියල් ලක්ෂ 30ක් ලබා ගැනීමේ චෝදනාවකට බිබිල ප්‍රදේශයේ සැඟවී සිටි මෙම ඇමැති සොහොයුරා අත්අඩංගුවට පත් වුණා.
රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ රජයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ලෙස කටයුතු කළ මනූෂ නානායක්කාරගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ මෙම සහෝදරයා විදේශ රැකියා ඒජන්සියක්ද පිහිටුවාගෙන එහිද කටයුතු කර තිබුණා. විවිධ පෙදෙස්වල පුද්ගලයන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි 27ක මුදලක් ගිණුමේ තැන්පත් කරගෙන ඒවා වරින් වර සිය ගිණුමෙන් ලබා ගත් බව හෙළි වී තිබෙනවා.