Sun. Jun 29th, 2025

මනූෂලාගේ කෙළි එළියට: සොයුරා අත්අඩංගුවට – ලේකම් සොයා විමර්ශන!

Dec28,2024 #news #police #slpolitics

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොහොයුරා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල ප්‍රදේශයේදීයි.

ඊශ්‍රායෙල් සහ දකුණු ‍කොරියා රැකියා ලබා දෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නමැත්තාද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඔහු සහ මේ ජාවාරමට සම්බන්ධ තවත් පිරිසක් මේ වන විට අතුරුදහන් බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *