Tue. Jun 24th, 2025

මනූෂ පවුල සමඟ රටින් පිට වෙයි?

Dec31,2024 #2024 #news #slpolitics

පසුගිය රජයේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර රටින් පිටව ගොස් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා පළ වෙනවා.

ස්විට්සර්ලන්තය වෙත ගොස් ඇති බවත් පසුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බවත් පැවසෙනවා.

හිටපු ඇමැති පළමුවට රටින් පිටවී පසුව බිරිඳ හා දරුවන් ගෙන්වා ඇති බවයි එකී වාර්තා පවසන්නේ.

විදේශ රැකියා ලබා දෙන පොරොන්දුව මත පුද්ගලයන් රවටමින් රුපියල් කෝටි ගණනක මුදල් ලබාගත් බවට ලැබුණු පැමිණිලි මත ඔහුගේ සොයුරු තිසර නානායක්කාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *