Wed. Apr 30th, 2025

රනිල්ගෙන් මත් බලපත් ලබා ගත් අය හෙළි කරනු: මනෝ ආණ්ඩුවට කියයි!

Oct8,2024 #news #Political

දේශපාලන වාසි ලෙස මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන් සහ ඒ පිටුපස සිටින දේශපාලනඥයන් හෙළිදරව් කිරීමට නව රජය ගෙන ඇති ප්‍රමාදය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රශ්න කරනවා.

‘X’ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනිම නීති විරෝධී නොවන නමුත් පසුගිය කාලයේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිමය නිර්ණායක නොසලකා හරිමින් විශාල වශයෙන් බලපත්‍ර නිකුත් කළ බවයි
පසුගියදා නිකුත් කළ සියලුම “බලපත්‍ර” අත්හිටුවා බලපත්‍රලාභීන්ගේ සහ ඒවා නිර්දේශ කළ දේශපාලනඥයන්ගේ නම් ප්‍රසිද්ධ කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ අපේක්ෂකයන් පොරොන්දු වී තිබුණා. 

මෙසේ සදාචාර විරෝධී ලෙස බලපත් ලබා ගත් වයින් ස්ටෝර්ස්/බාර්වල නාම ලේඛන නිකුත් කිරීමට සහ එහි කටයුතු අත්හිටුවීමට ජාතික ජන බලවේගය (NPP) රජය කල් ගන්නේ කුමක් නිසා දැයි මනෝ ගනේෂන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරනවා.

හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ හිටපු රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට එවැනි මත්පැන් බලපත්‍ර ලබාදුන් බවත් පසුව එය ඔවුන්ගේ සමීපතමයන් වෙත ලබාදුන් බවකුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *