Sat. Jun 28th, 2025

මාලනීටත් ජනපති අරමුදලෙන් ලක්ෂ 50ක් දීලා!

Dec20,2024 #news #slpolitics

තමාගේ පාලන කාලය තුළ විවිධ මහජන නියෝජිතයන් වෛද්‍යධාර සඳහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැරෙන්නට අනෙක් සියලුම ඉල්ලීම්වලට පවතින පරිපාලන ක්‍රමවේදය අනුව කටයුතු කළ බවත් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු ආධාරයක් ලබා නොදුන් බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිනමා නිළි මාලනී ෆොන්සේකාට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වෛද්‍යාධාර මුදලක් ලබා දුන් බවද එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති ඉසුරු දේවප්‍රියට හදවත් සැත්කමකට රුපියල් ලක්ෂ 10ක්ද, හිටපු පා.ම. සරත් කෝන්ගහගේට හදවත් සැත්කමකට රුපියල් ලක්ෂ 5ක්ද හිටපු පා.ම. එස්.සී. මුතුකුමාරණට ශ්‍රවණ උපකරණ සඳහා රුපියල් ලක්ෂ 4ක්ද හිටපු පා.ම. ජගත් කුමාරට රුපියල් ලක්ෂ 10ක්ද ලබා දුන් බව එහි දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වර්ෂ 2ක කාලය තුළ වෛද්‍යාධාර ඉල්ලුම් කරන ලද රෝගීන් රාශියකට ආධාර ලබා දුන් බවත් එසේ ජනපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගත් සාමාන්‍ය ජනතාව සාක්ෂි දරනු ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *